Saturday, April 27, 2024

General line - 0115112241

අයි එස් නායකයා රුසියානු ගුවන් ප‍්‍රහාරයකින් මිය යයි ?




රුසියාව එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් අයි එස් අයි එස් සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි මිය ගොස් ඇති බවට වාර්තා පලව තිබෙනවා. 

රුසියානු ආරක්ෂක කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. 

සිරියාවේ රබා ප‍්‍රදේශයට පසුගිය මැයි මස 28 වැනිදා එල්ල කළ ප‍්‍රහාරයකින් අයි එස් නායකයා මිය යන්නට ඇති බවටයි සැක පලව ඇත්තේ. 

රුසියාව එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් මැයි මාසයේදී පමණක් අයි එස් ත‍්‍රස්තයින් 330කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.