Friday, April 26, 2024

General line - 0115112241

"ඩෙංගු මඩින්න දැනට තියෙන එකම විසඳුම"




විදේශිය බැක්ටීරියාවක් මගින් ඩෙංගු රෝගය මුළුමුණින්ම පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට නොහැකි බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි පවසනවා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ බව සඳහන් කළා.

ඩෙංගු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සඳහා නව එන්නතක් පරීක්ෂණ මට්ටමින් පවතින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ජපානයේ නිෂ්පාදිත එන්නතක් කෙරෙහි මෙරට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවත් එයින් එන්නත් දෙකක් ලබා දීම තුළින් ඩෙංගු මරණ වැළැක්වීමේ හැකියාව ඇති බවත් සඳහන් කළා.

කෙසේවෙතත් මෙය පරීක්ෂණ මට්ටමේ ඇති බැවින් මෙම බෙහෙත වෙළඳපොළට නිකුත් කිරීම සඳහා තවත් වසර 05 ක් පමණ ගත වෙනු ඇති බවත් සඳහන් කෙරුණා.

මේ අනුව දැනට ඇති එකම විසඳුම ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දැමීම පමණක් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.