Friday, April 26, 2024

General line - 0115112241

සැඟවී සිටි ඥාණසාර හිමි අධිකරණයෙන් මතුවෙයි - වරෙන්තු දෙක ආපසු කැඳවයි




පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු දෙක ආපසු කැදවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීරණය කළා.  

ඒ, ඥාණසාර හිමියන් අද පෙරවරුවේ අධිකරණයට භාරවීමත් සමගයි. 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුද නිකුත් කර තිබුණා.

ඒ, පවතින නඩු දෙකක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. 

අද උදෑසන උන්වහන්සේ තවත් භික‍ෂූන් වහන්සේ පිරිසක් සමග පැමිණ අධිකරණයට භාර වුණා. 

එහිදී ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කළේ උන්වහන්සේ අධිකරණය මගහැර නොසිටි බවයි. 
ආරක‍ෂාව සම්බන්ධයෙන් පැනනැගී තිබූ ගැටලූවක් හේතුවෙන් ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. 

උන්වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේ විසින්ම සපයාගෙන අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බවද නීතිඥයින් ප්‍රකාශ කළා. 

සිද්ධියට අදාළ නඩුව අගෝස්තු  මස 10 වනදා යළි කැදවීමට නියමිතයි.

----------------------------------------------------------

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට  බාර වේ (UPDATE) (2017-06-21 / 10:18AM)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට  බාරවී තිබෙනවා. 

උන්වහන්සේ අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වී තිබෙනවා. 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුද නිකුත් කර තිබුණා. 

ඒ, පවතින නඩු දෙකක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.