Friday, April 26, 2024

General line - 0115112241

ජීප් රථයක යතුරු පැදියක් ගැටීමෙන් 17 හැවරිදි තරුණයා මරුට (PHOTOS)




මෙම සිදුවීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවය මුන්දලම පොලීසියේ නිලධාරීන් මැදිහත් වී සමථයකට පත් කිරීමට සමත් වී තිබෙන බව වාර්ථ වෙනවා.

පසුගිය 20 වැනිදා සවස මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය - සින්නපාඩුව මාර්ගයේ කොත්තන්තිව් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය - කොත්තන්තිව් පදිංචිව සිටි මොහොමඩ් හෂාන් අවුරුදු 17 වූ තරුණයෙකි.

අනතුරත් සමග එය පැදවූ අය සහ ජීප් රථයේ සිටි අයෙකු පලා ගොස් ඇත.

අනතුරින් තරුණයා එම ස්ථානයේම මිය ගොස් ඇත.

අනතුරත් සමග කුපිත වූ ගම්වාසීන් පිරිසක් එම ස්ථානයට රැස්වී අනතුරට සම්බන්ධ ජීප් රථයට පහර දෙමින් එය ගිනි තැබීමට උත්සාහ කර ඇත.

අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ රියදුරා තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් ගම්වාසීන් කලහකාරී ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට දැඩි උත්සාහයක් දැරීමට සිදුවී තිබේ. 

මිය ගොස් සිටි තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පුත්තලම මූලික රෝහලට පිටත් කර යැවීමට කටයුතු කළ මුන්දලම පොලීසියේ නිලධාරීන් අනතුරුව මහත් වෑයමක් දරා අනතුරට සම්බන්ධ කැබ් රථය තම බාරයට ගැනීමට සමත් විය.

අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ අය අධික ලෙස බීමතින් සිට ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.