Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් කණ්ඩායමේ ෆිට්නස් බලන්න මීටර 20ක් දුවන්න කියලා -  වැඩ පෙන්නූ දෙදෙනා මෙන්න 




ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ සැසියක් පවත්වා තිඛෙනවා. 

ඒ, ක්‍රීඩකයින් ප්‍රමාණවත් ශාරීරික යෝග්‍යතාවකින් සිටිය යුතු බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයෙන් අනතුරුවයි. 

මෙම විශේෂ සැසිය පිළිබඳ  කරුණු දැක්වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සඳහන් කළේ අදාළ යෝග්‍යතා පරීක්ෂණයට මීටර් 20ක  ධාවනයක් ද ඇතුළත්වී තිබූ බවයි.

මේ පිළිබඳ සමාජජාල වෙබ්අඩවිවල දැනටමත් විවිධමත පල වෙමින් තිඛෙනවා. 

ඇතැම් අය ප්‍රශ්න කරන්නේ මීටර් 20 ධාවනයක ප්‍රතිපලය කුමක් ද යන්නයි. 

ඊයේ පැවති යෝග්‍යතා පරීක්ෂණයේ අවසන් නිල ප්‍රතිඵල තවමත් ලැබී නොමැති බව ද  අසංක ගුරුසිංහ කියා සිටියා.

කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් වන්නේ ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර මෙහි දී ඉහලම දක්ෂතා දක්වා ඇති බවයි.