Saturday, April 27, 2024

General line - 0115112241

වර්ජනය අසාර්ථක බව ආණ්ඩුව කිව්වොත් හදිසි ප්‍රතිකාරත් නවත්වනවා




රෝහල් කිහිපයක හැර රට පුරා සෙසු සියලූ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අදත් වැඩවර්ජනය කරනවා. නෙත් නිවුස් වෙත ඒ පිළිබඳ  වැඩිදුර අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ රජයේ රෝහල් වෙත පැමිණෙනවාද නොපැමිණෙනවාද යන්න සම්බන්ධයෙන් රෝගී ජනතාව විසින් තීරණය කළ යුතු බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වැඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ උදෑසන 08ටයි. සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණු සරසවි සිසුන් පිරිසකට පොලිසිය කළ පහරදීමට විරෝධය පළ කිරීම එහි අරමුණ බව මුලින් ප‍්‍රකාශ කෙරුණා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ද වෛද්‍ය නලින්ද හේරත්ගෙන් ප‍්‍රශ්න කළා. 

වෛද්‍ය වැඩ වර්ජනය අද සිදු නොවන රෝහල් වන්නේ ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා ආයතනයි. සෙසු රෝහල්වල ද ඩෙංගු ප‍්‍රතිකාර සහ හදිසි ප‍්‍රතිකාර නොනවත්වා සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා. කෙසේ වෙතත් සිය වැඩවර්ජනය අසාර්ථක බව කියාපෑමට ආණ්ඩුව එය අවස්ථාවක් කර ගතහොත් එම ප‍්‍රතිකාර ද නවතා දමන බවටයි ඔවුන් අනතුරු ඇ`ගවූයේ.