Saturday, April 27, 2024

General line - 0115112241

හැම ආගමකටම ගරු කරන්න - අගමැති




තමන් විශ්වාස කරන ආගමට මෙන්ම සෙසු ආගම්වලට ද ගරු කරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති ඉෆ්තාර් උත්සවයේදීයි. 
ඉස්ලාම් ධර්මයෙන් වුවද, බෞද්ධ ධර්මයෙන් වුවද සිදු කරන්නේ පුද්ගල මනස සුවපත් කිරීම බවද මෙහිදී සිහිපත් කෙරුණා.

මොහොමද් තුමන්ගේ ඉගැන්වීම්වලට අනුව අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිළිගැනීම්වලට ලක්වන්නේ වචනයෙන් හෝ ශාරීරිකව අනුන්ට හිරිහැර නොකරන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අනුන්ට හිරිහැරයක් හෝ ජීවිත හානියක් සිදු නොකළ යුතු බව බෞද්ධ ධර්මයේ ද ස`දහන්ව ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.