Friday, April 26, 2024

General line - 0115112241

ජීවිත හැට ගණනක් රැගෙන 'තරගයට ගිය බස් රථය'  ඩෙවොන් ඇළට නොවැටී බේරුණු හැටි  (VIDEO)




දිඹුල රාවණාගොඩ සිට කොළඹ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල  ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව  තිඛෙනවා. 

අද (23) අලූයම 3.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි දිඹුල පොලිසිය පවසන්නේ. 

අධික වේගයෙන්  ධාවනය වී ඇති බස් රථය ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ කන්දක හැපී  මෙම අනතුර සිදුව තිඛෙනවා. 

එම බස් රථය කන්දේ ගැටී  නතර නොවුයේ නම් ප්‍රධාන මාර්ගයට පහලින් වු ඩෙවොන්  ඇළට පෙරලී  විශාල අනතුරක් සිදුවිමට ඉඩ තිබු බවයි පරික‍ෂණ පවත්වන දිඹුල පොලිසිය පවසන්නේ. 

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ  බස් රථය තුළ  මගීන් හැට දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් කිසිවෙකුටත් මෙම අනතුරෙන් තුවාල සිදුවි නොමැති බවයි පොලිසිය පැවසුවේ. 

අලුයම්  කාලයේ බස් රථ ධාවනයේදී රියදුරන් අතර ඇති තරගකාරීත්වය නිසා මෙම  බස් රථය වේගයෙන් ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.