Friday, April 26, 2024

General line - 0115112241

මාධ්‍ය හමුව අවසානයේ උසාවියට ගෙන ගිය 'ලහිරු සමග ෆයිසාල්ට' වෙච්ච දේ  




අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ජූලි 5 වැනිදා දක්වා  රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අද(23) නියෝග කර සිටියා.

කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා එම ස්ථානයෙන් පිටවෙද්දී ඔහු සහ තවත් ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයකු අද පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගත්තා.

ඒ,පසුගිය 21වැනිදා  සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.

අත්අඩංගුවට පත් මොරටුව විශ්ව විද්‍යාලයේ ෆයිසාල් අහමඩ් සිසුවා ද ලබන ජූලි 5 තෙක් රිමාන්ඩ් කරනු ලැබුවා.