Friday, April 26, 2024

General line - 0115112241

බෞද්ධ විරෝධී වැඩසටහන් වලට එරෙහිව ත්‍රෛයි නිකායම එක්වීමට සූදානම්




බෞද්ධ විරෝධී වැඩසටහන්වලට එරෙහිව ත්‍රෛයිනිකායික සංඝ සභා සියල්ල ඉදිරියේදී එක්ව කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. 

භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතමුන් දරන උත්සහයන් හෙළා දකිමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ඊයේ නිවේදනයක් නිකුත් කළා. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මෙම අදහස් පළ කළා. 

රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව රැස්වී ඊයේ සිදු කළ සාකච්ඡාවකින් පසු අදාල නිවේදනය නිකුත් කෙරුණා. 

වත්මන් රජය පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු නොකල යුතු බව ද රජයට දැනුම් දීමට එහිදී තීරණය වූ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.