Saturday, April 27, 2024

General line - 0115112241

ඉදිරි දින කිහිපයේ වැසි සහිත කාලගුණයක්




සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට ඉදිරි දින කිහිපය තුළ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකරගෙන්.