Saturday, April 27, 2024

General line - 0115112241

අතපත්තු ක්‍රිකට් ඉතිහාසයට එක්වේ - මවුබිමේ දියණිය පිහිටවූ වාර්තායි මේ 




ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (29) නොදැවී ලකුණු 178ක් රැස්  කළ  කළ ශ්‍රීලාංකික  ක්‍රිකට් ක්‍රීඩිකාව චාමරී අතපත්තු වාර්තා කිහිපයක් මෙහිදී පිහිටුවා තිබෙනවා.

ලෝක කුසලාන තරගයක පළමු ශතකලාභී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වූ ඇය කාන්තා එක්දින තරගවලදී තෙවැනියට ඉහළම ලකුණු ගණනක් රැස්කළ පිතිකාරිනිය බවටද පත් වුණා. 

ඕස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක් ලකුණු 229ක් රැස්කරමින් එහි වාර්තාවට හිමිකම් කියනු ලබනවා.

ඉන්දීය කණ්ඩායමේ දීප්ති ශර්මා ලකුණු 188ක් රැස්කරමින් දෙවැනි ස්ථානයේදී පසුවනවා.

චමරි අතපත්තු තවමත් 27 වැනි වියේ පසුවන අතර ඇය මේ වන විට එක්දින තරග 60කදී ලකුණු 1728ක් රැස්කරගෙන සිටිනවා.