Friday, April 26, 2024

General line - 0115112241

ගිනි අවි රැගෙන මුහුණු ආවරණය කරගත් පිරිසක් ප්‍රංශයට තවත් ප්‍රහාරයක් එල්ල කරයි




ප‍්‍රංශයේ දකුණු දිග ඇවිග්නොන් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බැතිමතුන් දේවස්ථානයෙන් පිටතට පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා‍ සඳහන් කර ඇත්තේ.

ගිනි අවිද සහිතව මුහුණු ආවරණය කරගෙන පැමිණි පිරිසක් එකවරම වෙඩි තැබීම සිදු කර ඇති බව සිද්ධිය දුටුවන් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

තුවාල ලැබූවන් අතර කුඩා දැරියක් ද ඇතුළත්. මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. ඉකුත් අපේ‍්‍රල් මාසයේ එල්ල වූ පැරිස් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු එරට ආරක්ෂාව දැඩි කර තිබුණා.