Friday, April 26, 2024

General line - 0115112241

විද්‍යා ඝාතනය වූ හැටි උසාවියේදී කිව්ව හැටි




ශිවලෝගනාදන් විද්‍යාගේ  ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම ‍නිසා හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන්ගෙන් වන බව යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා අනාවරණය කර තිබෙනවා.

 විද්‍යා ඝාතන නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් ඔහු එසේ පවසා තිබෙනවා.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් ඉදිරියේදී ඊයේ (05) නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා එලෙස විස්තර කර තිබෙනවා.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇඳුමින්  සැරසී පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කොට තිබුණා.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බැව් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කරනු ලැබුවා.

මෙම නඩුව යාපනය මහාධිකරණය තුළ ඉතිහාසයේ පළමු වරට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගයක්  කැඳවූ නඩුව ලෙසටද වාර්තා වෙනවා.