Friday, April 26, 2024

General line - 0115112241

මන්නාරමෙන් තවත් මිනිස් හිස් කබලක් (PHOTOS)




මන්නාරම තලෙයිමන්නාරම කර්මාන්තපුරය ආසන්න ප්‍රදේශයේ අස්ථි කොටස් පවතින බවට වන සැකයක් මත මන්නාරම පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට කටයුතු කළා.

ඒ මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ අධීක්ෂණය යටතේයි.

මන්නාරම පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත මන්නාරම අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානයේ අස්ථි සොයා පරීක්ෂණ පැවැත්වු  අතර මිනිස් හිස් කබලක කොටසක් පමණක් සොයාගත් බවයි.

මන්නාරම කර්මාන්තපුරය ආසන්න ස්ථානයේ ජල මාර්ගයක අදාළ අස්ථි කොටස තිබු අතර,අවට ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේදි වෙනත් කිසිවක් හමුනොවු බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අදාළ පරීක්ෂණ කටයුතු ඊයේ (05) සවස නවතා දැමු  අතර මහේස්ත්‍රාත් නියෝග යටතේ ඉදිරි කටයුතු සිදුකරන බවයි.

මීට පෙර මන්නාරම තිරුකේදීශ්වරන් මාර්ගය ආසන්නයේ තිබි සමූහ මිනීවලක අස්ථි කොටස් හමුවු අතර, අදාළ ස්ථානයේ තිබූ මිනිස් සිරුරු 81 ක  අස්ථි කොටස් සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.