Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණයෙන් හිටි තැන අහිමිවෙයි!




මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටි ශ‍්‍රී ලංකාවට අද එම තත්වය අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.  ශ‍්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය තත්වය සහ කොළඹ නගරයේ දැනට පවතින අපිරිසිදු භාවය මෙම තත්වයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

‘‘ද හින්දු’’ පුවත්පත ද මේ පිළිබඳව කරුණු අනාවරණ කර තිබුණා. කොළඹ කසල ගැටළුව ඊට ප‍්‍රධාන හේතුවක් වී ඇති බවයි එහි සඳහන් වන්නේ.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළයාම ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද වැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවද ‘‘ ද හින්දු’’ පුවත්පත වාර්තා කර තිබෙනවා. 

ඉකුත් ආණ්ඩු සමයේ කලාපයේ ආකර්ෂණීයම නගරය බවට පත්වූ කොළඹ නගරය වර්තමානයේ පවතින තත්වය පිළිබඳ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙලෙස අදහස් පළ කළා.

දේශපාලන භේදයකින් තොරව හිතන්න. කොළඹ ආසියාවේ අලංකාරවම නගරය වෙලා තිබුණ. කොළඹ කොතරම් ප්‍රියජනකව තිබුණද. අද කුණු ටික අයින්කරගන්න මේ ආණ්ඩුවට බැහැ.  සංචාරකයින්ට ට්‍රැවල් ඇඩ්වයිස් ලැබෙයි ලංකාවට එන්න එපා කියල"


ඩෙංගු උවදුර පාලනය සඳහා රජයට කිසිදු සැලසුමක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.