Saturday, April 27, 2024

General line - 0115112241

කැනඩා රැකියා පෙන්නා සල්ලි ගැරූ ඇඹිළිපිටියේ කාන්තාව කොල්ලුපිටිය සුපිරි තැනකදී අල්ලයි!




කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් අණාවරණය කර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත් වී තිබෙනවා.  ශ‍්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර, ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් රැකියා ලබා දෙන බව පවසා මෙලෙස මුදල් වංචා කර තිබෙනවා. කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම ජාවාරමේ ප‍්‍රධාන සැකකාරිනිය කොල්ලුපිටිය ලිබර්ටි සාප්පු සංකීරණයේදී අත්අඩංගුවට ගන්නා ගෙන තිබෙනවා. ඒ  විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළගේ උපදෙස් පරිදිය.

සැකකාර කාන්තාව ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, ඇය දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින්ට ශ‍්‍රී ලංකා රජයට කැනඩා රජයෙන් රැකියා ලැබී ඇති බව පවසමින් එක් අයෙකුගෙන් මූලික ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 4 බැගින් ලබාගෙන තිබේ. මෙසේ පුද්ගලයින් තිදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති අතර, ඔවුන් කාර්යාංශයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය මෙහෙයවා ඇත.

ඇමතිනිය වැඩිදුරටත් පැවසූවේ කිසිම අවබෝධතා ගිවිසුමක් කැනඩා රජය සමඟින් නෑ. මේ වගේ බොරු දේවල්වලට අහුවෙන්න එපා. විදෙස්ගත ශ‍්‍රමිකයින් හැටියට යන අය කරුණාකරලා බත්තරමුල්ලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිත් තොරතුරු දැනගන්න. මේ වගේ විශාල වශයෙන් මුදල් නාස්ති කරගෙන වංචාකරුවන්ට අහුවෙන එක අපිට බරපතල ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ අයට අහුවෙන්න එපා " යනුවෙනි.