Friday, April 26, 2024

General line - 0115112241

"ලැබුණු ජන වරමට ද්‍රෝහී වෙන්න බෑ .. නව ව්‍යවස්ථාව ගේනවා" - අගමැති කියන කතාව




නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒමට රජය කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) මන්නාරමේදී සඳහන් කළා.  

එසේ නොකරහොත් ලැබුණු ජන වරමට එය පිටුපෑමක් බවයි අගමැතිවරයා කියා සිටියේ. 

වත්මන් රජය ජනතාව ලබාදුන් වරම අනුව කටයුතු කරන බව සඳහන් කළ අගමැතිවරයා ජනතා අභිප්‍රායන් ඉටුකිරීම සඳහා නිබඳව පෙනී සිටින බවත් එහිදි සඳහන් කළා.  

අගමැතිවරයා මේ බව පැවසුවේ මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් ඊයේ (07) පැවති උත්සවයකට එක්‌වෙමින්.