Saturday, April 27, 2024

General line - 0115112241

කාසියේ වාසිය ලංකාවෙන් ගිළිහෙයි - සිම්බාබ්වේ තීරණය මෙන්න




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර අද (10) පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිළට ලබා දීමටයි.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් දෙකක් සිදු ව තිබෙනවා. ඒ අනුව ලක්ෂාන් සඳකැන් සහ අසිත ප්‍රනාන්දු අද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර අකිල ධනංජය සහ නුවන් කුලසේකර කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

සිම්බාබ්වේ සුපුරුදු කණ්ඩායමම මෙම තරගයට ක්‍රීඩා කරන බවයි වාර්තා වෙන්නේ.