Saturday, April 27, 2024

General line - 0115112241

තරංග ගැන සනත් කණගාටු වෙයි - කළ කැපවීම මතක් කරයි..(VIDEO)




ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග මෙතෙක් කළ කැපවීම සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අද (12) මාධ්‍ය ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

ඔහු එහිදී කියා සිටියේ නවකයන්ට තම ස්ථානය ලබාදෙමින් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ සිට  පහළට පැමිණ  ක්‍රීඩා කිරීමට තරංග විරෝධයකින් තොරව කටයුතු කළ බවයි.


ඇතැම් ලොකු ක්‍රීඩකයන්  කෙසේ කීවත් කිසිවෙකු පහළට පැමිණ ක්‍රීඩා නොකළ  බවත් තමන් කිසිවෙකුට හෝ ඇඟිලි දිගු නොකරන බවත් සනත් ජයසූරිය එහිදී කියා සිටියා.


ඇතැම්විට තමන් උපුල් තරංග  සම්බන්ධයෙන් කණගාටුවූ බවද ඔහු සඳහන් කළා.


ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.