Saturday, April 27, 2024

General line - 0115112241

ලාහෝර් ප්‍රහාරය  සහ 2011 ලෝක කුසලානය පිළිබඳ පරීක්ෂණ කරන්න තිලංග සූදානම් 




2009 වසරේදී පාකිස්ථානයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ 2011 ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් මහ තරගය පිිළිබඳ යළි කතා බහක් මතුව තිබෙනවා. 

ඒ හිටපු නායකයින් දෙපළක් වන අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට කළ ප්‍රකාශයත් සමගයි. 

නෙත් ස්පෝර්ට්ස්මන් මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිය අදහස විමසා සිටියා. 

එහි සභාපති තිලංග සුමතිපාල නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ඒ පිළිබඳව කළ විශේෂ ප්‍රකාශයක් පහතින්.