Friday, April 26, 2024

General line - 0115112241

දරුවන්ගේ වියෝව - දික්කසාදය - රැකියාව අහිමිවීම වැනි සිද්ධීන් නිසා මිනිස් මොළයට වෙන දේ මෙන්න




මානසික ආතතිය හේතුවෙන් මිනිස් මොළය අවම වශයෙන් වසර 04කින් පමණ වයසට යා හැකි බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

දරුවකුගේ වියෝව, දික් කසාදය, රැකියාව අහිමි වීම වැනි සිද්ධීන් දැඩි ආතතියක් ගෙන දෙන අවස්ථා ලෙසයි සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

ආතතිය දනවන සිදුවීමකට මුහුණ දීම පසුකාලීනව ඩිමෙන්ෂියා රෝගය ඇති වීමට හේතුවක් විය හැකි බවට ද සමීක්ෂණයට සම්බන්ධ වූ විශේෂඥයින් පවසනවා.

එය සිදු කළේ අමෙරිකානු වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසින්.

මැදිවියේ පුද්ගලයින් 1300ක් යොදා ගනිමින් ඔවුන්ගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය හා සිතීමේ ශක්තිය පරීක්ෂා කරමින් මෙම සමීක්ෂණය සිදු කළා.