Saturday, April 27, 2024

General line - 0115112241

සිංහල ජාතියට නිගරු කළ තව්හීඩ් ජමාත් සංවිධානයට අධිකරණයේදී වෙච්ච දේ




ශ්‍රී ලoකා තව්හීඩ් ජමාත් සංවිධානය මගින් නිකුත් කල සංයුක්ත තැටියක් මගින් සිංහල ජාතියට නිග්‍රහා කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ දී කණගාටුව පළ කිරීමට සූදානම් බව එම සංවිධානය අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයට දන්වා සිටියා.

මිනිසුන්ගෙන් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් එවැනි වැරදි පිළිගෙන ඊට කණගාටුව පළකර නඩුව සමථයකට පත් කර ගැනීමට තම සේවාදායකයන් සූදානම් බවයි විත්තියේ නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඇතුළු සැකකරුවන් හය දෙනාට එරෙහි නඩුවේ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරනයට දැන්වූවා.

ඒ අනුව මෙම නඩුව ඔක්තොම්බර් මස 11 වැනිදාට කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළා.

ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත් සංවිධානය මගින් නිකුත් කල සංයුක්ත තැටියක් මගින් සිංහල ජාතියට නිගරු කළැයි පූජ්‍ය සොරතොට චන්දරත්න හිමියන් පොලිසියට පැමිණිලි කර තිබුණා.

ශ්‍රී ලoකා තව්හීඩ් ජමාත් සංවිධානය මගින් නිකුත් කල සංයුක්ත තැටියක් මගින් බුද්ධ ධර්මය මිත්‍යා දුෂ්ඨික ආගමක් ලෙසට දක්වමින් සිදු කර ඇති ප්‍රකාශයෙන් ආගමික සහජීවනයට බාධාවක් ඇති කර තිබෙන බව බෞද්ධ කටයුතු අමාත්‍යාoශය ද වාර්තාවක් මගින් අධිකරනයට දන්වා තිබුණා.