Friday, April 26, 2024

General line - 0115112241

පාසලේ ඩෙංගු වගකීම විදුහල්පතිට




පාසල් පරිශ‍්‍රයන් ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාප බවට පත්කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරන ලෙසට අද යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. දිවයිනේ සියලූ විදුහල්පතිවරුන්ට ඒ පිළිබද දැනුවත් කිරීම අධ්‍යාපන ලේකම්වරයාට පැවරී තිබෙනවා.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති ඩෙංගු මර්දනය පිළිබද මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවකදි මෙම තීරණයට එළඹුණා. ඩෙංගු මර්දනය සදහා වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව ඇතිවීමේ ප‍්‍රවණතා පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.