Friday, April 26, 2024

General line - 0115112241

මම දුමින්ද දිසානායක හමු වුණේ පක්ෂ මාරු කරන්න නෙමෙයි - දකුණේ රාජපක්ෂ කෙනෙක් මාධ්‍ය හමුවක් තියා කියයි




තමන් පසුගිය දිනයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක හමුවීමට ගියේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර කටයුත්තකට බවත් නමුත් ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා කිසිඳු සත්‍යක් නොමැතිව තමන් දේශපාලන කටයුත්තකට එහි ගිය බව පළකර තිබෙන බව දකුණු පළාත් සභා මන්ත්‍රී  අජිත් රාජපක්ෂ පවසනවා.

පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර සිටියේ අදාළ මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සදහා අම්බලන්තොට පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ,

"මම මාධ්‍යත් එක්ක කටයුතු කරන දේශපාලඥයෙක් නෙවෙයි. නිදහසේ මහජනතාවත් එක්ක දේශපාලනය කරන කෙනෙක්‍. මා ගැන වැරදි ප්‍රවෘත්තියක්  පළ කරලා තිබුණා. ඒ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකසන්න තමයි මේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ.  මාධ්‍යයේ පළ කරලා තිබ්බා.."ඒකාබද්ධයෙන් ජනාධිපති පැත්තට එයි" එහෙම දෙයක් වුණේ නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක්. මේකෙන් වෙන්නෙ අපි අමාරුවෙන් ගොඩනගා ගත්ත ජනතාවගේ විශ්වාසයට ලොකු හානියක් සිද්ධ වෙන‍ එක.''