Saturday, April 27, 2024

General line - 0115112241

යාපනය විනිසුරු වෙනුවෙන් ජීවිතය පූජා කළ පොලිස් විරුවා මෙන්න (PHOTOS)




යාපනය, නල්ලූර් ප‍්‍රදේශයේදි ඊයේ (22) සිදුවූ වෙඩි වැදීමෙන් මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු 57 වැනි වියේ පසු වූ බවයි. යාපනය මහේස්ත්‍රාත්වරයා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර එහිදී පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීමට ගිය යාපනය මහාධිකරණ විනිසුරුවරයා මියගිය සැරයන්වරයාගේ බිරිඳට වදින ආකාරය පහතින් දැක්වෙනවා.