Friday, April 26, 2024

General line - 0115112241

යාපනයේදී විනිසුරුගේ ආරක්ෂකයාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනේ 




යාපනය, නල්ලුර් ප්‍රදේශයේදී  පසුගිය 22වන දා  වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙල්වරාසා ජයන්දන් නැමැති 39වන වියේ පසුවන සැකකරු  යාපනය පොලිසියට පැමිණ බාර වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන්  යාපනය මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂාව සැපයූ  පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර ජිවිතක්ෂයට පත්වුණා.