Saturday, April 27, 2024

General line - 0115112241

ලොරි රථයක් පෙරළී රිය සහයක මරුට (PHOTOS)

යු.එස්.පි බණ්ඩාර - වැල්ලවාය




වැල්ලවාය, තෙලූල්ල ප්‍රදේශයේ අද (25) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. 

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. 

අනතුරෙන් මියගොස් ඇත්තේ ලොරි සහායක බව පොලීසිය සඳහන් කළා. 

බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබෙනවා.