Friday, April 26, 2024

General line - 0115112241

තෙල් සේවකයින්ට ගැහුවයි කිව්වට පැමිණිළි නැතුව අත්අඩංගුවට ගන්න බැහැ




ඛනිජ තෙල් වැඩවර්ජනය අතරතුර ඔවුන්ට පහරදුන් බවට චෝදනා එල්ල කළද ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බව පොලිසිය පවසනවා. ඒ හේතුවෙන් පහරදීමට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින්.