Friday, April 26, 2024

General line - 0115112241

"මගේ අම්මට මාව හම්බවෙන්න විලිරුදාව හැදුනේ සුද්දගෙ වත්තේ තේ දළු කඩනකමන්"




අලුත උපදින දරුවෙකුට පළමු මාස 06 තුළ මව්කිිරි ලබාදීමේ අවස්ථාව සෑම මවකටම උරුම කරදිය යුතු බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා.

ඔහු කියා සිටියේ වතුකරයේ ඇතුළු ඇතැම් ප‍්‍රදේශවල මව්වරුන්ට මෙම අවස්ථාව ගිලිහී ගොස් ඇති බවයි.

ඔහු මෙම අදහස් පල කළේ 2017 ජාතික මව්කිරි දීමේ සතිය, වතුකරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මගේ අම්මා.. මාව හම්බවෙන්න විලිරුදාව හැදුනේ සුද්දගෙ වත්තේ තේ දළු කඩනකමන්. කහවත්ත රෝහලේ දී මාව හම්බවෙනකොට මගේ බර ග්‍රෑම් 1500 කට සමානයි. ඒ කියන්නේ ජීවත් වෙයි කියලා නොහිතන පුංචි බෝනික්කෙක් තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි අපේ අම්මා ළමයි 07 දෙනෙක්ගේ පවුලේ 05 වැනි දරුවා ලෙස මට අවුරුදු 03 ක් මව්කිරි පොවලා තියෙනවා. ඒ නිසා ඒ දුප්පත් කොල්ලට අද ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එන්න පුලුවන් වෙලා තියෙනවා. මව්කිරි තමයි අද ලෝකය වෙනස් කරපු හැම කෙනෙක්ගේම හයිය." යනුවෙනි.