Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාව ලකුණු 550 සීමාවත් පසු කරයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. 

සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 07ක් දැවී ලකුණු 550ක් ලබා සිටියා. 

රවීචන්ද්‍රන් අශ්වින් ලකුණු 54කට දැවී ගිය අතර ඔහු අද දිනයේ ටෙස්ට් ලකුණු දෙදහසේ සීමාව පසු කිරීම ද විශේෂත්වයක්. 

චෙටෙස්වර් පුජාරා ලකුණු 133කට සහ අජින්කෙයා රහනේ ලකුණු 132කටත් දැවී ගියා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක‍්‍රීඩාංගණයේදීයි.