Friday, April 26, 2024

General line - 0115112241

උසේන් බෝල්ට් තුන් වැන්නා කළ ලොව වේගවත්ම ධාවකයින් දෙන්නා බිහිවෙයි (VIDEO)




2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සමත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද (06) අලුයමයි.

ජස්ටින් ගැට්ලින් මෙහිදී වාර්තා කළ තරග නිමි කාලය තත්පර 9.92 ක්.

අමෙරිකාවේම ක‍්‍රිස්ටියන් කොලිමාන් රිදී පදක්කම දිනා ගත්තා. ඒ, තත්පර 9.94 ක කාලයක් වාර්තා කරමින්.

බොහෝ දෙනාගේ අවධානය දිනා සිටි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ට මෙම ඉසව්වේ දී ලෝකඩ පදක්කමකින් සෑහීමට සිදු වුණා.

ඔහුගේ තරග නිමි කාලය තත්පර 9.95 ක්. මෙය මෙම තරග වාරයේ දී ඔහුගේ ඉහළම දක්ෂතාව ද වනවා.

මෙම තරගාවලිය තමන් සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවයි උසේන් බෝල්ට් මීට පෙර කියා සිටියේ.

මීටර් 200 සහ මීටර් 100 සහය දිවීම යන ඉසව්වලට ද ඔහු සහභාගී වීමට නියමිතයි.