Friday, April 26, 2024

General line - 0115112241

මීගමුව කුරණ මහ මග වෙඩි හුවමාරුවක්! දෙදෙනෙක් රෝහලේ- දෙකක් STF දැළේ!




මීගමුව කුරණ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ මංකොල්ලයක් සඳහා යමින් සිටි බවට තොරතුරු ලැබුණු දෙදෙනකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස මංකොල්ලයකට යන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඔවුන් ගමන්ගත් වෑන් රථය මීගමුව කුරණ ප්‍රදේශයේදී හරස්කර තිබෙනවා. එවිට වෑන් රථයේ සිටි පිරිස වෙඩි තබා ඇති අතර විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ද වෙඩි තබා ඇති අතර එහිදී වෑන් රථයේ සිටි දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන්රථයේ තිබී ටී 56 අවි දෙකක් සහ පිස්තෝල දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.