Saturday, April 27, 2024

General line - 0115112241

තරුණයින් බිලි ගන්නා හැටන් මත්ද්‍රව්‍ය ජාවාරම වටලයි! මත්කුඩු සහ මාවා තොග ගණනක් හසුවෙයි!




හැටන් බස් නැවතුම්පලේ රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් හැටන් පොලිසියේ කොට්ඨාශ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අද (12) වටලනු ලැබුවා. මෙරට අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති මාවා නැමති මත් කුඩු තොගයක් සහ එන්සි නැමති මත් කුඩු තොගයක් එහි තිබී පොලිස් අත්අඩංගුවට ගැණුනා.

එම වෙළඳසැල පවත්වාගෙන ගිය පුද්ගලයා සහ වැටලීම සිදුකරන අවස්ථාවේ එහි රැඳී සිටි    තරුණයන් පස් දෙනෙකු ද මෙහි දී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.