Friday, April 26, 2024

General line - 0115112241

සමාජ ජාල කැළඹූ පඟර නැට්ටා ගැන වනජීවි නිලධාරීන් කියන කතාව




පඟර නැට්ටා නම් සත්ත්වයෙකු පිළිබඳ මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල හරහා දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ "පඟර නැට්ටා" නම් සතාගේ ඡායාරූපයක් බවට සඳහන් කරමින් සමාජ ජාල වෙත එක් කර ඇති ඡායාරූප පෙළක් හේතුවෙනි.

"පඟර නැට්ටා.. දැකල නෑ නේ ඕන්", "ඔන්න බලන්න පඟර නැට්ටා දැකල නැති අය", "පඟර නැට්ටා...අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ" යනුවෙන් සමාජ ජාල පුරා පසුගියදා මෙම සත්ත්වගේ ඡායාරූප හුවමාරු වුණා.

ඇතැමුන් හුදෙක් උපහාසය සඳහා එම ඡායාරූප හුවමාරු කර ගෙන තිබූ අතර තවත් සමහරෙක් එය සැබෑවක් යයි සලකා අදහස් පළ කර ඇති ආකාරයත් දක්නට ලැබුණා.

එම ඡායාරූප පෙළේ දක්නට ඇති සත්වයා මුගටියෙකු බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා අදහස් දක්වමින් සඳහන් කර ඇති බවයි බීබීසි සන්දේශය වාර්තා කර තිබුණේ.

මේ අතර පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ද ඊට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ "පඟර නැට්ටා" නමින් සතෙකු නොමැති බවයි.

මුගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බවයි ඒ අනුව මේ පිළිබඳ අදහස් දැක්වූ වනජීවි සහ පරිසර නිලධාරීන්ගේ අදහස වී තිබුණේ.

තවද බීබීසි සන්දේශයට අදහස් දක්වා ඇති ඔවුන් පෙන්වා දී ඇත්තේ "මේ සතාගේ හිසත් කඳත් අතර තිබෙන පරස්පරතාව. ඕනෑම කෙනෙකුට පෙන්වා මේ වගේ සතෙකුට දීර්ඝ කාලයක් ජීවතුන් අතර ඉන්න බැරි බව. මොකද මෙපමණ ලොකු හිසක් තල්ලු කර ගෙන ඉදිරියට යන්න මෙච්චර සිහින් කඳකට ශක්තියක් ජවයක් නැහැ"

මනඃකල්පිත නමක් සතෙකුට ආරූඪ කර සමාජ ජාල තුළ පළ කිරීමෙන් සමාජයේ වැරදි අවබෝධයක් ඇති විය හැකි අතර එය ව්‍යාජ ඡායාරූපයක් ලෙසයි ඔවුන් හඳුන්වා ඇත්තේ.