Saturday, April 27, 2024

General line - 0115112241

 ‘බිග්බෙන් ඔරලෝසුව'  සිවු වසරකට නිහඬ වන හැටි 




‘බිග්බෙන්’ ඔරලෝසුවේ අලුත්වැඩියා කටයුතු ලබන සතියේ ආරම්භ කරන අතර ඒ සඳහා සිවු වසරක් ගත වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පුවත ඔවුන් වාර්තාකර ඇත්තේ ‘බිග්බෙන්’ සිවු වසරක් සඳහා නිහඬ වනු ඇතැයි කියමිනුයි.


වසර 157 ක ඉතිහාසයක් ඇති  බිග්බෙන් ඔරලෝසුව වසර හතරක් තරම් දිගු  කාලසීමාවක් සඳහා නිහඬව තැබෙන පළමු අවස්ථාව මෙයයි.

බිග් බෙන් ඔරලෝසුව ටොන් 13.7 ක් බර වන අතර කුලුන මීටර් 96 ක් උසින් යුක්තයි.

සෑම මිනිත්තු 15 කට වරක්ම එහි වේලාව නාද වනවා.

ලබන සතියේ සිට නිහඬ වන බිග් බෙන් ඔරලෝසුව යළි ක්‍රියාත්මක වනු ඇත්තේ 2021 වසරේ අලුත් අවුරුදු උදාව සිදුවෙද්දීයි.