Saturday, April 27, 2024

General line - 0115112241

වස මුසු පළතුරක් කෑ පාසැල් සිසුවියක් මරුට




ඌව පරණගම ප‍්‍රදේශයේ දී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අඹගස්දූව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මිය ගිය දැරියගේ පියා ගෙවත්තේ තිබූ පළතුරු ගසකට කිසියම් කෘමිනාශකයක් යොදා ඇති අතර එහි ඵලයක්  ආහාරයට ගැනීමෙන් අනතුරුව දැරිය අසාද්‍ය වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ඉන් පසු ඇය දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් දැරිය මියගොස් තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර බදුල්ල රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.