Friday, April 26, 2024

General line - 0115112241

ගුවන්තොටුපොළේ රන් බඩු පැන්ණිල්ලෙන් ජාවාරම්කළ තවත් බුද්ධි නිලධාරීන් හෙළිවෙයි!




රුපියල් අනූ ලක්ෂයකට අධික රන් ආභරණ තොගයක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියාගෙන් රඳවා ගෙන ප‍්‍රශ්න කරන බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා. නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක‍්‍රම බස්නායක පැවසුවේ මීට පෙර ලැබුණු තොරතුරු මත සිදු කළ විමර්ශන අනුව එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු සැකකාර බුද්ධි නිලධාරියාට එම රන් ආභරණ තොගය ලබාදී ඇති බවද අනාවරණ වී තිබෙනවා. එම රන් භාණ්ඩ ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. මේ අතර කටුනායක ගුවන් තොටුපල තුළ බුද්ධි නිලධාරීන් යොදවා ගනිමින් සිදු කරන ජාවාරම් පිළිබඳ මේ වනවිට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක‍්‍රම බස්නායක පැවසුවා.

එවැනි බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.