Friday, April 26, 2024

General line - 0115112241

ක‍්‍රීඩකයන් හා තමන් අතර ගැටුමක් නිර්මාණය කරන්න ඇතැම් මාධ්‍ය පුවත් මවනවා - ගුරුසිංහ කියූ දේ මෙන්න




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට ක‍්‍රීඩාගාරය තුළ බිස්කට් ආහාරයට ගැනීම තමන් තහනම් කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. 

පුහුණුකරු සහ භෞතික චිකිත්සකගේ ඉල්ලීමක් මත ගුරුසිංහ මෙම තහනම පනවා ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වුණේ. 

නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසුමක දී අසංක ගුරුසිංහ පැවසුවේ සිය කණ්ඩායම සහ තමන් අතර ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණින් ඇතැම් මාධ්‍ය මෙවැනි පුවත් නිර්මාණය කරන බවයි. 

මේ අතර ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අසංක ගුරුසිංහට කණ්ඩායම් කළමනාකාර ධුරයෙන් ඉවත් වන ලෙසට දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පල කර තිබුණා. 

ඒ පිළිබඳව ද අදහස් දක්වමින් ගුරුසිංහ කියා සිටියේ ක‍්‍රීඩා අමාත්‍යවරයා තමන්ට එවැන්නක් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.