Thursday, May 9, 2024

General line - 0115112241

"ඩැමේජ් කොමඩ්..ජනෙල් හිල්වලින් ෆුල් AC" - ඉරණමේ තීන්දුවට පිටිය සුදානම් වන අතරේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වීරයා සිදුවූ දේ ලියයි (පිටියෙන් එහා)




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලිය හෙට (19) ආරම්භ වනවා.

ඒ,දඹුල්ල රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී.

මෙම එක්දින තරගාවලිය සඳහා තරග 5ක් ඇතුළත් වනවා.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ අතුල සමරසේකර එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෙස තමන් අත්විඳි තත්ත්වය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කරමින් සටහනක් එක්කර තිබෙනවා.

ඉල්ලා ගත්ක්‍රිකට් පිත්තත් ක්ලබ් එකෙන්ම ඉල්ල ගත්තු පැඩ්ස් දෙකත් රැගෙන 115 බස් රථයේ නැගී ගොස් ලෝක කුසලානයට එංගලන්තයට ගිය ආකාරයද ඔහු ඉන් පෙන්වා දී තිබෙනවා.

එය පහතින් කියවිය හැකියි.