Friday, April 26, 2024

General line - 0115112241

මේ දේශපාලනයෙන් ශ‍්‍රී ලංකාවට යහපත් අනාගතයක් නැහැ! ඇමති විජේදාස පක්ෂ නායකයින්ට දෙහි කපයි




පවතින දේශපාලන සංස්කෘතිය තුළ ශ‍්‍රී ලංකාවට යහපත් අනාගතයක් නොමැති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. රටේ ජාතික දේශපාලනයට සුදුසු පුද්ගලයින් හරිහැටි හඳුනා ගැනීම දේශපාලන පක්ෂවල නායකයින්ගේ වගකීමක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ත‍්‍රීකුණාමළය මොරවැව තිරියාය හන්දියේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරිමට ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා අමාරුවෙන් ලබාගත් යුද ජයග්‍රහණයට සම්බන්ධ සැවොමටම ගෞරව කරන බවද පැවසුවා. පලාතෙ සිටින කුඩු මුදලාලි, පාතාල නායකයින්, චණ්ඩිය ඡන්දෙ දී පාර්ලිමේන්තුවට යවා ඉන් බැරකන්නේද ඡන්දය දුන් මිනිසුන්ම බව පවසනවා. මෙවැනි පුද්ගලයින් ඉදිරිපත් නොකිරීම පක්ෂ නායකයින්ගේ වගකීම බවද ඔහු පෙන්වා දෙනවා.