Saturday, April 27, 2024

General line - 0115112241

ගුරුසිංහ කළ වැඩෙන් ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් සභාපති පුටුවෙන් නැගිට යයි!

කාන්චන කුමාර - දඹුල්ල




ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සඳහා පැමිණි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කළමානාකරු අසංක ගුරුසිංහද එතැනට පැමිණ තිබෙනවා. 

කීපදෙනකු ගුරුසිංහට ඇමති අසල පුටුවෙන් වාඩිවන ලෙස දැන්වුවද ඔහු එකවරම ඇමති හා සභාපති ඉදිරිපිට බිම වාඩි වුණා. එය දුටු මාධ්‍යවේදීන් එකවරම ඡායාරුප ගන්නවාත් සමග ඇමති දයාසිරි කිවේ ,නැගිටින්න ගනැගිටින්න, බිම වාඩිවෙන්න එපා ඕකත් හෙට මීඩියාවල වැටෙයි.

සභාපතිවරයාද ඔහුට නැගිටින ලෙස කීවද නැගිට්ටේ නැති නිසා මද වෙලාවක් සිටි ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව ගියා. එත් සමග ගුරුසිංහද ජනලයේ ආධාරයෙන් නැගිට ඒ සමගම පිටතට ගොස් තිබෙනවා.