Friday, April 26, 2024

General line - 0115112241

ගොවීන් කෘෂිකර්ම අමාත්‍යංශය වැටලීමට සූදානම්




ගොවීන්ට පොරොන්දු වූ වගා හානි සඳහා වූ වන්දි කඩිනමින් ලබා දෙන්නැයි බල කරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (20) දඹුල්ලේ දී ආරම්භ කෙරුණා. 

ඊට එක් වූවන් පැවසුවේ ආණ්ඩුව විසින් ගොවීන්ට රුපියල් හතලිස් දහසක් ලබා දීමට පොරොන්දු වුව ද මේ දක්වා එය ගෙවා නොමැති බවයි. 

ඇතැම් ගොවීන්ට රුපියල් දස දහසක් ලබා දී ඇතත් ඉතිරි මුදල ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකිරීම ගැටළු සහගත බවයි ගොවීන් පවසන්නේ. 

ඉතිරි මුදල ගෙවීම මේ වනවිට ආණ්ඩුව විසින් මගහරිමින් සිටින බව ද ඔවුන් චෝදනා කළා. 

මෙම අවස්ථාවට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද පෙත්සම අත්සන් කළ ස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කළා. 

අත්සන් කළ පෙත්සම ද රැගෙන ළඟදීම කොළඹට පැමිණෙන බවයි ඔහු මෙහි දී ප‍්‍රකාශ කළේ. 

තම ඉල්ලීම්වලට විසදුම් නොලැබුණහොත් ගම් මට්ටමින් අඛණ්ඩ විරෝධතා දියත් කරන බවද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.