Friday, April 26, 2024

General line - 0115112241

"ටැමඩෝල් පෙති" තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට 

පුත්තලම - ජුඩ් සමන්ත




මත් වීම සඳහා ඇතමුන් විසින් භාවිත කරන බව කියන ටැමඩෝල් පෙති තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව ගනේමුල්ල - බොල්ලත පදිංචි 64 හැවිරිදි තැනැත්තියකි.

ඇය සමග අත්අඩංගුවට ගෙන ඇති ත්‍රී රෝද රථ රියදුරා දකුණු බටගම - කදාන පදිංචිකරුවෙක්.

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. 

සැකකාර කාන්තාව අද (22) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.