Saturday, April 27, 2024

General line - 0115112241

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය අත්පත්‍රිකාවකින් බෙදූ සිද්ධියේ තිදෙනා රිමාන්ඩ්




අපොස උසස් පෙළ 2017 රසායන විද්‍යා 2 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලක් ඉදිරිපිට මාර්ගයේ දී විභාගය නිමවී සිසුන් පිටතට පැමිණෙන අවස්ථාවේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි විමර්ශන අනුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වුණා.

ඒ මෙම අත්පත්‍රිකා පරිඝණක යතුරු ලියනය කරන ලද ගම්පහ බෞද්ධාලෝක මාවතේ පිහිටි මුද්‍රණාලයක හිමිකරුයි. ඔහු වයස අවුරුදු 41 ක් වූ පුද්ගලයෙකි.

සැකකරුවන් තිදෙනා අද (22) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.