Saturday, April 27, 2024

General line - 0115112241

තරංග ගෙන් හිස්වන නායකත්වය හිමිවන ක්‍රීඩකයා මෙන්න 




ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස නායක උපුල් තරංගට තරග දෙකක තහනමක් පනවා ඇති හෙයින් ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තෙවැනි හා සිවුවැනි එක්දින තරග දෙක මෙහෙයවීමේ වගකීම චාමර කපුගෙදර පැවැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ළහිරු තිරිමාන්නද කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුවේ අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

අංක හතර ස්ථානයේ ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් යොදා ගැනීමටද තීරණය කර තිබේ.