Saturday, April 27, 2024

General line - 0115112241

අඩි 4ක් දිග කඩුවක් ගෙන "අල්ලාහු අක්බර්" කියමින් බකිංහැම් මාලිගාව ඉදිරියට ප්‍රහාරකයෙක් එයි




අඩි 4ක් පමණ දිග කඩුවක් ගෙන "අල්ලාහු අක්බර්" යනුවෙන් කෑමොර දෙමින් සිටි පුද්ගලයෙකු එංගලන්තයේ බකිංහැම් මාලිගය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්කෝට්ලන්ඩ් යාඩ් පොලීසියේ ත්‍රස්ත මෙහෙයුම් ප්‍රධානී ඩීන් හෙයිඩන් පවසා සිටියේ මෝටර් රථයක පැමිණි මෙම පුද්ගලයා පොලිස් වාහනය දෙසට සිය රථය ධාවනය කර ඇති බවයි.

පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් මොහු මෙල්ල කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෙන්ම මෙම පුද්ගලයාද තුවාල ලබා තිබෙනවා.

26 හැවිරිදි සැකකරු ලූටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, ඔහු ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව එම සැකකරු ජිහාඩ් සංවිධානයක සාමාජිකයෙක්ද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශන කෙරෙනවා.

මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍ය  රජ පවුලේ කිසිඳු සාමාජිකයෙකු බකිංහැම් මාලිගයේ සිට නොමැති බවද සඳහන්.