Saturday, April 27, 2024

General line - 0115112241

"ගමට පොලිසිය" වැඩසටහන වැලිකඩ දී (PHOTOS)




පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක "ගමට පොලිසිය" වැඩසටහන යටතේ මේ වනවිට දිවයිනපුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව වැලිකඩ පොලිසිය සිය පොලිස් ජංගම සේවයට පැමිණිලි රැසක් දිනපතා ලැබෙන ඔබේසේකරපුර සහ අරුණෝදය මාවත යන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පවත්වනු ලැබුවා.

අදාළ ප්‍රදේශ වල ගැටළු කඩිනමින් විසදීම සහ පොලිසිය හා ජනතාව අතර ඇති සබඳතා ඉහළ නැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

එම වැඩසටහන සාර්ථකව නිමකිරීමෙන් පසු අදාළ ප්‍රදේශ වල දරුවන් සඳහා චිත්‍ර ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ත්‍යාග ප්‍රදානයක්ද සිදු වුණා.

වැලිකඩ මුලස්ථාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා සහභාගී වී සිටියා.