Friday, April 26, 2024

General line - 0115112241

කටුනායකදී ලක්ෂ ගණනක හෙරොයින් සමග ජාවාරම්කරුවන් නවයක් අත්අඩංගුවට




ඉකුත් දින 20 ඇතුළත කටුනායක හීනටියන ප‍්‍රදේශයෙන් ලක්ෂ 08ක හෙරොයින් සමග ජාවාරම්කරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, හීනටියන ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති ජංගම පොලිස් සේවයේ නිළධාරීන් සිදු කළ වැටලීම්වලදියි. 

අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ දෙදෙනෙකු වන බවයි නෙත් පොලිසිය පැවසුවේ. 

සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.