Saturday, April 27, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ් 




මිනුවන්ගොඩ ගමන්ගෙදර ප‍්‍රදේශයේදී පියෙකු සහ පුතෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා ලබන මස 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, සැකකරුවන් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් සිසිර විජේසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පියෙකු සහ පුතුන් දෙදෙනෙක්. 

ඊයේ මෙම ඝාතනයන් සිදුව තිබුණේ ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන්. ඝාතනයට ලක්වූ පියා 48 හැවිරිදි වියේ පසුවූ සිවුදරු පියෙක්. 

ඝාතනයට ලක් වූ අනෙක් තැනැත්තා ඔහුගේ තුන්වන දරුවායි. 

ඔහු 20 වන වියේ පසුුවුණා. බහින්බස්වීම ඇති වී තිබුණේ සරුංගල් යැවීමේදී ඇති වූ සිද්ධියන් මුල් කරගනිමින්. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.